බර එසවීමේ පදක්‌කම් සිහිනය සැබෑ කළ චතුරංග සහ දිනූෂා ලෝකඩ පදක්කමෙන් ලක්මව සරසැව්වේ මෙහෙමයි බලන්නකො කෙල්ලගෙයි කොල්ලගෙයි හයිය VIDEO
බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන තබා තිබූ විශ්වාසය තරග ආරම්භක දිනයේදීම යථාර්ථයක් බවට පත්කළ චතුරංග ලක්‌මාල් සහ දිනූෂා ගෝමස් 21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (5දා) පැවැති බර ඉසිලීමේ ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාව වෙනුqවෙන් ලෝකඩ පදක්‌කම් දිනා ගැනීමට සමත් වූහ.
කිලෝ ග්‍රෑම් 56 බර පංතියෙන් තරග වැදුනු චතුරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් සමස්‌ත කිලෝ ග්‍රෑම් 248 ක බරක් ඔසවමින් අදාළ පදක්‌කම දිනා ගන්නා අතරවාරයේ දිනූෂා විසින් ලෝකඩ පදක්‌කම දිනාගනු ලැබුවේ බර ඉසිලීමේ ඉසව්වකින් පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වීමේ අභිමානයේ ඔටුන්න හිසමත තබා ගනිමිනි. (මුළුබර කිලෝ 155.
පිරිමි කේවල තරගයේ ආරම්භයේදීම කිලෝ ග්‍රෑම් 110 ක් එසවූ චතුරංග එම දෙවැනි අවස්‌ථාවේදී කිලෝ ග්‍රෑම් 114 ක බරක් ඔසවන ලදී. අනතුරුව තවත් කිලෝ තුනක් වැඩි කරමින් කි.ග්‍රෑ 117 ක් ලෙස ගත් උත්සාහය අසාර්ථක නොවන්නට ස්‌නැච් ක්‍රමය යටතේ වැඩිම බරක් එසවූ ක්‍රීඩකයා හා සමතැන් ගැනීමට ඔහුට අවස්‌ථාවක් විය.
අනතුරුව ක්‌ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ පළමු උත්සාහයෙන් කිලෝ 131 ක් එසවූ චතුරංග දෙවැනි ප්‍රයත්නයේදී කිලෝ 134 ක් එසවීමටගත් උත්සාහය ව්‍යර්ථ විය. නමුත් තීරණාත්මක අවසාන අවස්‌ථාවේදී ඔහු විසින් කිලෝ 134 සීමාව දක්‌වා පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ පළමු පදක්‌කම වාර්තා විය.
ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දැක්‌වූ චතුරංග, ‘මේ තත්වෙට එන්න සෑහෙන්න මහන්සි වුණා. මාස පහක ඉදන් මේ දක්‌වා බත් කාලා නෑ. මේ කාලයේ කෑවෙම පාන්, බිත්තර වගේ කෑම. ඒ කැපකිරීම්වල ප්‍රතිඵලය තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ ලෝකඩ පදක්‌කම මට රන් පදක්‌කමකටත් වඩා වටිනවා’ යෑයි පැවසීය.
ස්‌නැච් ක්‍රමය යටතේ පළමු එසවීමේදී කිලෝ 65 සීමාව සමත් වුණ දිනූෂා ස්‌නැච් ක්‍රමයට කිලෝ 70 සීමාවද පහසුවෙන්ම පසුකර දැමුවේය. නමුත් අනතුරුව කිලෝ 74 සදහා දැරූ අවස්‌ථාව ව්‍යර්ථ විය.
කෙසේ නමුත් තරගයේ තීරණාත්මක ක්‌ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ දිනූෂාගේ පළමු එසවීම වූයේ කිලෝ 85 කි. ඊට තවත් කිලෝ පහක් වැඩි කරමින් කිලෝ 90 සීමාවට පැමිණීමට ගත් උත්සාහයන් දෙකම මගහැරී ගිය නමුත් ඇයට ලෝකඩ පදක්‌කම දිනා ගැනීමට හැකි වූවාය.
මම පුහුණුවීම් වලදී ස්‌නැච් ක්‍රමයට කිලෝ 75 කුත්, ක්‌ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 95 කුත් එසවූවා. ඒත් මගේ සුපුරුදු දක්‌ෂතා අතරට තරගයේදී එන්න ලැබුණේ නෑ. ඒත් මං සතුටු වෙනවා පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලක බර ඉසිලීමේ ඉසව්වකින් ලංකාවට පදක්‌කමක් දිනාගත් එකම ක්‍රීඩිකාව වෙන්න අවස්‌ථාව ලැබීම ගැන’ යෑයි ජයග්‍රහණයෙන් අනතුරුව දිනූෂා පවසා සිටියේ.

Comments
Post a Comment